2016 සැප්තැම්බර් 21 වන බදාදා

පියානෝ සැදෑව

 2016 සැප්තැම්බර් 21 වන බදාදා, පෙ.ව. 12:00 83

පියානෝ සැදෑව
එළඹෙන සති අන්තයේ සෙනසුරාදා (24)කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයට යන ඔබට පියානෝ සංගීත සන්ධ්‍යාවකට එකතු වෙන්න පුළුවන්. Pure Oiano Moods ලෙස නම් කර ඇති මේ ප්‍රසංගයේදී clasic, Jazz හා‍ modern ගීතවලට අදාළ පියානෝ වාදන ඉදිරිපත් කෙරෙනවා. මේ හරහා ඉපැයෙන ආදායම යෙදෙවෙන්නේත් CCC පදනම හරහා පිළිකා රෝගීන්ගේ යහපත වෙනුවෙනුයි.

 


කඩොල් කැලේ අහස් කූඩු
මීගමුව රොට්රුක් සංවිධානය විසින් සංවිධානය කරන Lantern Festival 2016 මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 24 වැනිදා සවස 6.30 සිට රාත්‍රිය වෙනකන් පැවැත්වෙනවා. කූඩු අහසේ යැවීමට වගේම සංගීතය, කෑම බීම විනෝද ක්‍රීඩා වගේ ගොඩක් දේවල් සහිත පුංචි කානිවල් එකක් කඩොල් කැලේ ක්‍රීඩාංගණයේ සූදානම් වෙනවා.

 


මෙහෙන්දි ගැල්වීමක්
සැප්තැම්බර් 25 ඉරිදා හෝර්ටන් පෙදෙසේ cafe Kumbuk Tree හිදි මෙහෙන්දි ගැල්වීමේ වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අවන්හලේ ආහාර රස විඳින අතරතුරේදී මෙහෙන්දි ගල්වාගන්නත් තරැණියන්ට අවස්ථාව හිමිවෙනවා.